ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි 1වනදා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සිකුරාදා (8) මේ බව පැවසීය.
සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් මෙම වෙළෙඳ පැකේජය හඳුන්වා දී තිබේ.
ඒ අනුව එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇත.
පැවති ආනයනික ප්රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමයට (DCTS) වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමගින් වෙළෙඳාම පහසුකරවන අතර, ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍රවේශය මේ සමග හිමිවනු ඇත.
මෙම නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදුකෙරෙන නිමි ඇඳුම් අපනයන කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය නිවේදනයෙන් දන්වා සිටී.
ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවන විශාලම වෙළෙඳපොළ ඇත්තේ එක්සත් රාජධානිය සමගය.
එහි වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වේ.
ඒ අනුව නව වැඩපිළිවෙළ යටතේ නිමි ඇඳුම් අපනයනය කැපී පෙනෙන මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ වැඩසටහන (DCTS) මගින් රටවල් 65ක් සඳහා මෙම වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකය.
Lanka Newsweek © 2026